නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් කළ හිටපු ඇමති රෝහිතගේ නඩුව යළි 29 වැනිදා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අධිකරණයේ ගොනුකර තිබෙන නඩුවකට අවස්ථා කිහිපයකදීම අධිකරණයේ පෙනී නොසිටීම නිසා විවෘත වරෙන්තු නිකුත් කර සිටියදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගනු ලැබූ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහිව පවරා ඇති නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන 29 කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කරනු ලැබුවා.

අද (13) මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එම නියෝගය නිකුත් කළා.

සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව එම නියෝග කරනු ලැබුවා.

මහාධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තු නියෝග කීපයක් අනුව ිටපු අමාත්‍ය නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර රෝහිත භෝගොල්ලාගම මහතා අල්ලස්සන දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් රෝහිත බොගොල්ලාගම ඉකුත් 07 වැනිදා අත්අඩංගුවට ගත්තා.

2006 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සංවිධායකත්වයෙන් ලන්ඩන් නුවර පැවති ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකදී හෝටල් ගාස්තු සහ ප්‍රදර්ශන වියදම් ලෙස රුපියල් ලක්ෂ පහළවකට අධික මුදලක් මහා භාණ්ඩාගාරය රෙගුලාසි වලට පටහැනිව ගෙවීම සඳහා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීම මගින් අල්ලස් පනත යටතේ ගැනෙන දූෂණය නමැති වරද සිදු කර ඇතැයි චෝදනා කරමින් රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2020 වසරේදී කොළඹ මහාධිකරණ හමුවේ මෙම නඩුව පවරනු ලැබුවා.

එම විත්තිකරු නඩු විභාගය දිගින් දිගටම පෙනී නොසිටීම නිසා 2025 වසරේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට මහාධිකරණය වරෙන්තුත් කොට ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීමට පියවර ගෙන තිබුණා.

මේ අතර අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කර රෝහිත බෝගොල්ලාගම මහතා නඩු විභාගය අවසන් වන තෙක් බන්ධනාගාර ගත කිරීමට මහාධිකරණ විනිසුරුවරයා ඉකුත් 07 දා නියෝග කළා.

නඩුවේ වැඩිදුර විභාගය ලබන 29 වැනි දා දක්වා කල්තැබීමට නියෝග කළ විනිසුරුවරයා එම නියෝගය කළ අතර විත්තිකරු තම අධිකරණය හමුවට එදිනට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරජ්නු ලැබුවා.