ධනංජයගෙන් දෙවැනි ඉනිමටත් ශතකයක්

බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදී ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් ටෙස්ට් පිටියේ සිය 12 වන ශතකය වාර්තා කිරීමට නායක ධනංජය ද සිල්වා සමත් වුණා.

ඔහුට ඒ සදහා වැය වූ පන්දු සංඛ්‍යාව 164ක්.

ධනංජය ද සිල්වාගේ මෙම ශතකයට හතරේ පහරවල් 08ක් සහ හයේ පහරවල් 02ක් අන්තර්ගත වුණා.

එමෙන්ම මෙම තරගයේ පළමු ඉනිමේදීද ලකුණු 102ක් වාර්තා කිරීමට ඔහු සමත් වීම විශේෂත්වයක්.

ඒ අනුව ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ 03වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
10
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?