මහින්ද, නාමල්, රනිල්, සජිත්, යනාදි දේශපාලනඥයන්ට පහලින් කලින් නීතිය තිබුණේ දැන් ඒ ඔක්කොටම උඩින් නීතිය ක්රියාත්මක වෙන බව ක්රීඩා හා තරුණ කටයුතු නියෝජ්ය අමාත්යය දිනිදු සමන් හෙන්නායක අවධාරණය කරනවා.
දොඩංගොඩ සංස්කෘතික මධ්යස්ථානයේ පැවැති සමාජවාදී තරුණ සංගමය විසින් මතුගම ආසනය සඳහා තරුණ බල මුළු සවි ගැන්වීමේ අවස්ථාවට එක් වෙමින් නියෝජ්ය අමාත්යවරයා මෙම අදහස් ප්රකාශ කර තිබෙනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්ය අමාත්යවරයා,
අපි බලයට ආවට පස්සේ වැඩිම විදෙස් ප්රේෂණ මේ රටට ලැබිලා තියෙනවා. වැඩිම සංචාරකයන් පිරිසක් ලංකාවට ඇවිත් තිබෙනවා. වැඩිම රේගු ආදායම ලබලා තියෙනවා.මෑත ඉතිහාසයේ වැඩිම ඩොලර් ආදායම ලබලා තියෙනවා.
ඒවගේම ජනතාවට ලබාදෙන අස්වැසුම ආදී සහන අඩු කරේ නැහැ. වතු කම්කරුවන්ට වැටුප් වැඩි කරා, රජයේ සේවකයන්ට වැඩිම වැටුප් වැඩි කිරීමත් අපේ රජය විසින් සිදුකරනු ලැබුවා.
ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා. 2030 වනවිට සමස්ථ ආර්ථකයෙන් ඉහළ ප්රතිශතයක් මින් අපි බලාපොරොත්තු වෙනවා.
විපක්ෂයා පරණ ජරෙජීර්ණ ජාතිවාදය ආගම්වාදය ඔස්සේ නැගිටින්න උත්සාහ කරනව ඔබට පේනවා. රැවටෙන්නෙපා, අපිට නැවත ආපස්සට යන්න බැහැ යනුවෙන්ද ප්රකාශ කර තිබෙනවා.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සංජීව රණසිංහ ඇතුළු ප්රාදේශිය දේශපාලනඥයන් කිහිප දෙනෙක්ද තරුණ තරුණියෝ විශාල ප්රමාණයක්ද සහභාගිවුණා.
