දෙවි නුවර දේවාලයේ පෙරහැර මංගල්‍ය අද ඇරඹේ – පොලිසියෙන් නිවේදනයක්

දෙවි නුවර උත්පලවණ්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු පෙළි පෙරහැර අද (23) ආරම්භ වනවා.

අවසන් මහා පෙරහැර ලබන 29 වනදා පැවැත්වීමෙන් පසු අවසන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය අවසන්වීමට නිමිතව තිබෙනවා.

පෙරහැරේ කාවඩි පෙරහර ලබන 28 වන දින සහ රන්දෝලි පෙරහර එළෙඹෙන 29 වනදා පැවැත්වීමට නියමිත අතර, එම දිනවල පස්වරු 4.00 සිට රාත්‍රී 09.00 දක්වා පෙරහර කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ ගමන් කාලය තුල ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස,

මාතර දෙස සිට තංගල්ල දෙසට ගමන් ගන්නා වාහන මැද්දවත්තකාර්මික විද්‍යාලය අසලින් මාතර යටියන මාර්ගයට පැමිණ කැකනදුර හන්දියෙන් වේහැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ගමන් කළ හැකියි.

තංගල්ල දෙස සිට මාතර දෙසට ගමන් ගන්නා වාහන තලල්ල කාර්මික විද්‍යාලය අසලින් හැරී නාඔටුන්න මාර්ගය ඔස්සේ වියන්නරුව හන්දිය දක්වා ගමන් කර දික්වැල්ල වේහැල්ල මාර්ගය ඔස්සේ කැකනදුර හන්දියට පැමිණ කැකනදුර මාතර මාර්ගය ඔස්සේ මාතර දක්වා ගමන් කළ හැකියි.

මේ අතර පෙරහැරේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 650ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 100ක් හා බුද්ධි අංශ නිලධාරීන් රාජකාරි යොදවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14