Indian Premier League

දුම්වැටියත් පහකින් ඉහළට

ගෝල්ලීෆ් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් දුම්වැටි මිල ඊයේ (01) දිනයේ සිට ඉහළ දැමූ බව දුම්වැටි අලෙවිකරුවන් පවසනවා.

ඒ, අනුව දුම්වැටියක මිල රුපියල් 5.00කින් ඉහළ දැමූ බවයි ඔවුන් සඳහන් කරන්නේ.

අලෙවි නියෝජිතයන් විසින් ඊයේ (01) දිනයේ වෙළඳසැල් වෙත නිකුත් කළ දුම්වැටිවල මිල රුපියල් 5.00 කින් ඉහළ නංවා ඇති බවයි දුම්වැටි අලෙවිකරුවන් වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, හේතුවෙන් තමන් ද දුම්වැටියක මිල 5.00කින් වැඩි කිරීමට තීරණය කළ බවයි ඔවුන් පැවසුවේ.

පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් සමාජ ආරක්ෂණ බද්ධ ඊයේ (01) දින සිට ක්‍රියාත්මක වීම මෙලෙස සිගරට්ටුවක මිල වැඩිවීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?