දීපවාලි දිනය වෙනුවෙන් දමිළ පාසල්වලට සඳුදා නිවාඩු

ලබන ඉරිදා (12) දිනට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන් අවශ්‍යතාවය සලකා බලා දමිළ පාසල්වලට 13 වන සඳුදා දින නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවට ලබන 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

මෙලෙස නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුවත් කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්