දහහතරවන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය සාර්ථකව අවසන් වෙයි

දහහතරවන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (14) දින වැලිසර Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙල, ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වත්මන් සභාපති මෙන්ම නාවික හමුදාධිපති වන වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව, ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වීමෙන් අනතුරුව සමාරම්භක උත්සවයේ කටයුතු ආරම්භ වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් මෙම අවස්ථාවට එක්ව සිටීමද මෙහි විශේෂත්වයක් වූ අතර, ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් ඔවුන් ලබාදුන් සුවිශේෂී දායකත්වය අගය කරමින් ඔවුන් වෙත ඇගයීම් සංකේත ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණා.

එමෙන්ම, මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ත්‍රිවිධ හමුදාව අතර ක්‍රීඩාශීලීත්වය, සුහදත්වය සහ සහෝදරත්වය වර්ධනය කිරීම සඳහා ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව අවධාරණය කළා.

සෑම මට්ටමකදීම ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව දක්වන කැපවීම අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවංකභාවයෙන් සහ කණ්ඩායම් හැඟීමෙන් යුතුව තරගවලට සහභාගී වෙමින්, ක්‍රීඩා පිටියේදී මෙන්ම ඉන් පිටතදී ද විශිෂ්ටත්වය කරා ළඟා වීමට කටයුතු කරන ලෙස දිරිගන්වා සිටියා.

මෙවර ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා ඉසව් 39ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,000කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.

ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණ මව්බිමට අත්කර දීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන අතර, ඒ අනුව, 2026/2027 ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල තුළින් ත්‍රිවිධ හමුදාවන්හි දක්ෂතා සහිත නව ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් හඳුනා ගැනීමටත්, ඔවුන්ට ඉදිරියේදී ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව සලසා දීමටත් අපේක්ෂා කෙරෙනවා.

මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්ද සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11