එළඹෙන එංගලන්ත සංචාරයේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙක් ලෙස හිටපු ක්‍රිකට් නායක දසුන් ශානක එක්වීමට නියමිත බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මරග්ව සඳහන් කරනවා.
2023 වසර දක්වා ශ්‍රී ලංකා එක්දින ජාතික කණ්ඩායමේ නායකත්වය හෙඹවූ දසුන් ශානක පසුව දැක්වූ දුර්වල පිතිකරණ රටාව හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට එවකට තේරීම් කමිටුව තීරණය කළා.
පසුව අවස්ථා කිහිපයක දී එක්දින කණ්ඩායමට ඇතුළත් වුවද කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කිරීමේ අවස්ථාව දසුන්ට අහිමි වුණා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මැද භාගයේ දී එංගලන්තයේ සිදු කරන එක්දින සහ විස්සයි විස්ස තරග සංචාරයේ දී එක්දින කණ්ඩායමේ මැද පෙළ (lower-middle-order ) පිතිකරුවෙක් ලෙස එකකර ගැනීමට නියමිත බව වාර්තා වනවා.













