දක්ෂිණ අධිවේගයේ මහ දවල් නාඩගම් නැටූ බස් රියැදුරන් දෙදෙනාට දුන් දඬුවම

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක්, අතරමගදී නවතා බස් රථ දෙකට මාරු වීමේ සිද්ධියට සම්බන්ධ රියැදුරන් දෙදෙනා අද (නොවැ. 26) දොඩංගොඩ අධිවේගී පොලිසියට කැඳවා මතුගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

කළ විමසීමකදී දොඩංගොඩ අධිවේගී පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දසනායක මහතා ප්‍රකාශ කළේ, සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මං මාවත් පනත යටතේ එක් අයෙකුට රු. 20,000 බැගින් රු. 40,000ක දඩ නියම කළ බව ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නොවැ. 22 වන දා වාර්තා කළ අතර ඒ සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ. එන්. ලොඩ්වික් මහතා ද දැනුවත් කිරීමට කටයුතු කළේ ය. 

එමෙන් ම, රියැදුරන් දෙදෙනා බස් රථ දෙකෙන් හුවමාරු වන දර්ශන ද ඉන් එක් බස් රථයක සිටි මගියෙකු සිය ජංගම දුරකතනයකින් ලබා ගෙන තිබිණි.

ඒ අනුව, සිද්ධියට සම්බන්ධ දර්ශන ලබා ගෙන ඇති දොඩංගොඩ අධිවේගී පොලිසිය, බස් රථවල තොරතුරු පිරික්සා අදාළ රියැදුරන් දෙදෙනා හඳුනා ගැනීමට කටයුතු කර ඇත.  

පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, මෙම සිදුවීම දක්ෂිණ අධිවේගී මාර්ගයේ 38 කිලෝමීටර් කණුව අසල සිදුවී ඇති බව ත් අදාළ බස් රථ ද්විත්වය එක ම හිමිකරුවෙකුට අයත් බස් රථ දෙකක් බවට හඳුනා ගත් බව ත් ය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක්, අතරමගදී නවතා එහි රියැදුරන් දෙදෙනා බස් රථ දෙකට මාරු වීමේ සිද්ධියක් නොවැ. 22 උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් වාර්තා විය.

අදාළ රියැදුරන් දෙදෙනා බස් රථවලින් බැස, මාර්ගය මැද සවි කර ඇති ආරක්ෂිත වැට අසල අනාරක්ෂිත ලෙස රැඳී සිට මාර්ගය හරහා මාරු වී තිබුණු අතර ඉන් බස් රථ දෙකෙහි සිටි මගීන් විමතියට සහ අපහසුතාවට පත්ව තිබිණි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55