spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තීරණාත්මක තරගයේ ඇරඹුමට බාධාවක්

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා මතුවී තිබෙනවා.

පවතින වර්ෂාව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට හෝ අවස්ථාවක් ලැබී නැහැ.

අද පස්වරු 3ටයි මෙම තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ.

වර්ෂාව නතර වුවහොත් තරගයේ කාසියේ වාසිය පස්වරු 2.50ට උරගා බැලීමට නියමිත අතර තරගය පස්වරු 3.15ට ආරම්භ කරනු ඇති.

අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා ඉන්දියාව සමග අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.

වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට හැකියාවක් නොලැබුණ හොත් ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

සුපිරි 4 වටයේ ඉදිරියෙන් සිටින ඉන්දියාව තරග 2ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 2ක් ලබා සිටිනවා. පාකිස්ථානය හා ශ්‍රී ලංකාව තරගය බැගින් ජයගෙන ලකුණු 2 බැගින් ලබා සිටිනවා.

දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව පාකිස්ථානයට වඩා ඉහළින් සිටිනවා.

ඉන්දියාවට එරෙහිව පරාජයට පත්වීම නිසා අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට නම් පාකිස්තාන පිලට එරෙහි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතුයි. පස්වරු 3ට ආරම්භ වන මෙම තරගය අවසන් පූර්ව තරගයක් ලෙසිනුයි විචාරකයන් සඳහන් කරන්නේ.

සුපිරි කණ්ඩායම් 4 දෙනාගේ තරග වටය යටතේ ඉන්දීය කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග 2 න් 2 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ලබාගෙන තිබෙනවා. එම තරග වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් එක් තරගය බැගින් ජය ගෙන තිබුණ ද ලකුණු ලබා ගැනිමේ ශූද්ධ දළ වේගය පාකිස්තානයට වඩා ඉහළ මට්ටමක පැවැතීම නිසා ශ්‍රී ලංකාවට පත්වී ඇත්තේ එහි දෙවැනි ස්ථානයටයි.

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් ඉදිරියට යන කණ්ඩායම ශුද්ධ ලකුණු වේගය මත තීරණය වනු ඇති. එසේ වුවහොත් ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දියාවට එරෙහි තරගය ඉතිරිව තිබුණත් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ මේ දක්වා එකම තරගයක් හෝ ජය ගැනීමට නොහැකිවීම හේතුවෙන් 15 වැනිදා පැවැත්වීමට නියමිත තරගයේ ජය වාර්තා කළ ද ඔවුන්ට අවසන් මහ තරගයට පැමිණීමේ හැකියාවක් නැහැ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් මූලික තරග වටය යටතේ ප්‍රතිවිරුද්ධ කාණ්ඩ දෙක යටතේ තරග වැදීම නිසා මෙවර ආසියානු කුසලාන තරගාවලිය යටතේ මුණ ගැසෙන්නේ පළමු වතාවටයි. දෙරට අතර එක්දින තරග ඉතිහාසය තරග 155 කට ලඝු වුවත් මෙලෙස එක්දින තරගයකදී මුණ ගැසෙන්නේ වසර 4 කට ආසන්න කාලයකින් පසුව වීම කැපී පෙනෙන සිදුවීමක්.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අවසන් වතාවට එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේදී වන අතර තරග 3 කින් සමන්විත තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්ව සිටිනවා.

ඉන්දියාව හමුවේ ලද ලකුණු 41ක පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අඛණ්ඩ තරග ජයග්‍රහණ වැළ තරග 13 කින් නිමාවට පත් වුණා. කෙසේ වෙතත් අඛණ්ඩව ප්‍රතිවාදීන්ගේ කඩුලු සියල්ලම අවස්ථා 14 කදී දවා ලමින් ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබෙන ලෝක වාර්තාව අද තරගයේදී තවදුරටත් ඉහළට රැගෙන යෑමේ අවස්ථාව ද ඉතිරිව තිබෙනවා. අද තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාකිස්තාන කණ්ඩායමේ කඩුලු 10ම දවා ගැනීමට සමත් වුවහොත් පිට පිටම තරග 15 කදී එම දක්ෂතාව දැක්වා ඇති කණ්ඩායම ලෙසින් ලෝක වාර්තාව අලුත් වනු ඇති.

අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසියට හරවා ගැනීමට නම් පිතිකරුවන් වගකීම් කරට ගනිමින් පන්දුවට පහර දීම වඩා වැදගත් වන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. ඉන්දියාව වැනි ලොව ප්‍රබලම පිතිකරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක් ලකුණු 213 කට සීමා කිරීමට සමත්වීම යනු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ හැකියාව ඉතා ඉහළ තලයක පවතින බවයි. එහෙත් කණගාටුවට ඇති කරුණ වන්නේ එක්දින තරගයකදී පහසුම ඉලක්කයක් ලෙසින් සැලකෙන ලකුණු 214 ක ඉලක්කය සපුරා ගැනීමට තරම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට නොහැකිවීමයි. ඒ් අතර දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ද සිල්වාගේ පිතිකරණ දක්ෂතා අගය කළ යුතුයි.

‌දුනිත් වෙල්ලාලගේගේ දක්ෂතාවයන් සම්බන්ධව බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙනවා. ලොව ප්‍රබලතම පිතිකරුවා ලෙසින් සැලකෙන විරාත් කෝලිගේ කඩුල්ල ද සමඟ ඉන්දීය ඉදිරි පෙළ පිතිකරුවන් පස් දෙනෙකු දවා ලීමට සමත්වූ වෙල්ලාලගේ පිතිකරුවක් ලෙසින් ද තරගයේ අවසන් මොහොත තෙක්ම තනිවම සටනක් කිරීම කැපී පෙනුණා.

ඉන්දියාව සමග පැවති තරගයේදී කඩුලු 5 ක් බිඳ හෙළීමට වෙල්ලාලගේ සමත්වීමත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 5ක් දවා ගත් ළාබාලතම පන්දු යවන්නා ලෙසින් වාර්තා පොත් අතරට එකතුවීම ද විශේෂත්වයක්. දුනිත් වෙල්ලාලගේ මෙම දක්ෂතාවය දක්වන විට ඔහුගේ වයස අවුරුදු 20 යි දවස් 246ක්. වමතින් දඟ පන්දු යවන වෙල්ලාලගේට පෙර එම වාර්තාවට හිමිකම් කියා ඇත්තේ වේග පන්දු යවන්නකු වන චරිත බුද්ධික වන අතර ඔහු 2001 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එම දක්ෂතාවය දක්වන විට ඔහුගේ වයස අවුරුදු 21යි දින 65ක් ලෙසින් සටහන්ව තිබුණා.

පාකිස්තාන කණ්ඩායම සතු ප්‍රධානම වේග පන්දු යවන්නන් දෙදෙනා වන නසීම් ෂා සහ හැරිස් රාවුෆ් ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් අද තරගයේදී ඔවුන්ගේ දායකත්වය පාකිස්තානයට අහිමි වනවා. කෙසේ වෙතත් ඔවුන් දෙදනො වෙනුවට වසීම් ජූනියර් සහ සමාන් ඛාන් කැඳවනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
2
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | පා.ම.එස්.එම්.මරික්කාර් සහ හිටපු පා.ම.සුනිල් හදුන්නෙත්ති සහභාගීවන දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-26
01:04:20
Video thumbnail
පාර්ලිමේන්තුව උණුසුම් කළ දවසේ කතාව දේශබන්දු "පොලිස්පතිවරයෙක් එහෙම කනින් අල්ලලා එළියට දාන්න බෑ"
06:32
Video thumbnail
සජිත් ගහපු ගුරු සෙල්ෆිය...#sjb #sajithpremadasa
00:49
Video thumbnail
ජනාධිපතිවරයා සහභාගී වූ විවිධ වැඩසටහන්
03:18
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-26 | Dasatha News
33:30
Video thumbnail
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අගමැතිතුමා කියවන්න ඕන වගන්තිය ගැන නීතිඥයන් කියයි
02:51
Video thumbnail
ජනාධිපතිවරණයේදී පළමු වතාවට ක්‍රියාත්මකවන නීතිය ගැන පැෆ්රල් සංවිධානය කියපු දේ
02:38
Video thumbnail
ඇප තැන්පත් කළ ජනාධිපති අපේක්ෂකයන්ගේ රට හදන කතා
03:10
Video thumbnail
"වෙනත් කිසිවෙකුගේ බලපෑමකට මැතිවරණ කොමිසම හිස නවන්නෙ නෑ"
06:19

?