තායිලන්තයේ සිට මෙරටට එවා තිබූ ගුවන් භාණ්ඩ තොගයක තිබී රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට රේගු නිලධාරීන් සමත්ව තිබෙනවා.
පසුගිය 24 වනදා බැංකොක් නුවර සිට මෙරටට පැමිණි ගුවන් යානයක තෑගි තොගයක් ලෙස එවූ පාර්සලයක මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබී සොයා ගැනීමටයි හැකිව ඇත්තේ.
අදාළ තෑගි තොගය පරීක්ෂාකර මුදාහරින තෙක් ගබඩකර තිබී ඇත අතර, එම පරීක්ෂාවන් ඊයේ (31) දිනයේ සිදුකර තිබෙනවා.
එහිදී ලෝහ බහාලුම් තුළ සඟවා තිබූ පොලිතීන් පැකට්වල තිබී මරිජුවානා, හෂිෂ් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.608ක් සොයාගැනීමට රේගු නිලධාරීන්ට හැකිව තිබෙනවා.













