තරුණ පිරිසක් තැළසීමියා රෝගීන්ගේ වෛද්‍ය වාර්ථා සහ වීඩීයෝ දර්ශන බස්රථතුල සිටින මගී ජනතාවට ප්‍රදර්ශනයකර දිනකට දහස්ගනන් කූඨලෙස මුදල් උපයමින් සිටින බව කුරුණෑගල සහ අනුරාධපුර ප්‍රධාන නගරදෙකක් වාර්තාවනවා
ලංගම සහ පෞද්ගලික බස්රථ වලට නැග තැළසීමියා රෝගී දරුවෙකුගේ වෛද්‍ය වාර්ථා සහ වීඩියෝ දර්ශන පුදර්ශනයකරමින් එම රෝගී දරුවාගේ ශෛල්‍යකර්මය සදහා ඉන්දියාවට රැගෙන යෑමට කෝටිගනනන් මුදල් අවශ්‍ය බව පවසමින් මගීන්ට පවසා දිනපතාම මුදල් ලබාගැනීම මොවුන් සිදුකර තිබෙනවා
මෙලෙස ජනතාව සංවේගයට පත්කර තැලසීමියා රෝගී දරුවන් අළෙවිකරමින් මෙසේ මුදල් උපයන මෙම තරුණයන් එක් බස්රථයකට දෙදෙනකු බැගින් නැග එක් තරුණයෙකු වෛද්‍ය වාර්ථා සහ වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කරද්දී අනෙක් තරුණයා මුදල් එක්කිරීම සිදුකරයි.
ඔවුන් සතුව තැලසීමියා රෝගියාගේ විස්තර අඩංගු එක් ලිපිගොණුවක් ඇති අතර රෝගි දරුවා අයිති දෙමාපියන්ට එක් දිනකට රුපියල් 3000 ක් පමණ මුදලක් ගෙවන බවත් ඉතුරු මුදල් සියල්ලම ජාවාරම්කරුවන්ට හිමිවන බව මේ වන විට පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා
මේ පිලිබද වැඩිදුර විමර්ශණ සිදුවෙයි