ත්‍රීරෝද රථයක බිළිඳු මළ සිරුරක්

ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක් පිටුපස පොහොර උරයක දමා තිබී බිළිඳු මළ සිරුරක් හමුවූ බව ආගරපතන පොලිසිය පවසනවා.

ආගරපතන පොලිස් වසමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ ඩි.එල් කොටසේ වතු නිවාස පේලියක් අසල ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී එම මළ සිරුර හමුවී තිබෙනවා.

පැවති දැඩි දුර්ගන්දයට හේතුවෙන් ත්‍රීරෝද රථ රියදුරාගේ මව විසින් සිදු කරන ලද පරීක්ෂාකිරීමේ දී මෙම මළ සිරුර හමුවී තිබුණා.

ත්‍රීරෝද රථයේ රියදුරා එම වතුයායේම පදිංචිකරුවෙකු බවත්, ඔහු ත්‍රිරෝද රථයෙන් කුලී රථ ගමනක් ගොස් අද (10) දින උදෑසන නිවසට පැමිණ ත්‍රිරෝද රථය ගාල් කර ඇති බව දැනට සිදුකරන ලද මූලික විමර්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

බිළිඳු මළ සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තාකර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරන බව ආගරපතන පොලිසිය කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17