තවත් කැබ් රථ අනතුරක් – 69 හැවිරිදි කාන්තාවකට දිවි අහිමි වෙයි

මාවනැල්ල පොලිස් වසමේ මාකඩවර හන්දිය ප්‍රදේශයේදී අද (10) දින අළුයම, මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගය හරහා ගමන් කල පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව මාවනැල්ල රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 69ක් වූ ගනේතැන්න, හිඟුල ප්‍රදේශයේ පදිංචිකාරියෙක්.

කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාවනැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted