” අත් නොහැර – අත්හැර බලා සිටිමි” යනුවෙන් පොතක් ලියා පරිගණක ගත කළ තරුණ මෝස්තර ශිල්පියාගේ ගේ මළ සිරුර සැකකටයුතු ලෙස නිවසේ උඩු මහලේ නාන කාමරය ඉදිරිපිට එල්ලෙමින් තිබියදී හමුවූ බව කැස්බෑව පොලිසිය පවසනවා.
ඊට අමතරව මියගිය තරුණයා විසින් මවට පියාට හා සමීප ඥාතීන් වෙත ලියන ලද ලිපි 13 ක් පොලිසිය මඟින් සොයා ගැනිණි
මෙසේ මියගොස් ඇත්තේ කැස්බෑව මාකන්දන විජිතපුර පලවෙනි පටුමග පදිංචිව සිටි වෙන්නප්පුලි ආරච්චිගේ ඉසුරු නෙරන්ජන 30 හැවිරිදි අවිවාහක තරුණයෙක්.
මියගිය තරුණයා පෙරේදා (15) රාත්‍රී 8.30 ට මව්පියන් දෙදෙනා සමඟ කතාබස් කරමින් සිට ඇති අතර ඔහුට රාත්‍රී ආහාර ගැනීම යැයි පැවසීමට මව තම එකම පුතු රැඳී සිටින කාමරය අසලට ගිය අවස්ථාවේදී කාමරයේ දොර වසා තිබු බැවින් මද වේලාවක් කතා කර ඔහු නින්ද ගොස් ඇතැයි මව පැමිණ තිබූ බව පොලිසිය පැවසීය. අනතුරුව ඊයේ (16) අළුයම උදෑසන තේ රැගෙන කාමරය අසලට ගොස් පුතුට කතා කිරීමේදී කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් සැමියාට ඒ බව පැවසීමෙන් අනතුරුව ඔහු පැමිණ තරුණයා රැඳී සිටින කාමරය ඉදිරිපිට බංකුවක් තබා දොරේ කවුළු අතරින් බැලීමේදී ඔහු ඇඳ මත දකින්නට ලැබී නැතැයි පොලීසිය සඳහන් කරයි
අනතුරුව අසල්වාසීන්ට ඒ සම්බන්ධයෙන් පවසා ඔවුන් පැමිණ කාමරයේ දොර කඩා බැලීමේදී ඔහු ගේ සිරුර එල්ලෙමින් තිබුණු දැක පොලිසියට දැනුම් දී ඇත
පොලිස් නිලධාරීන් පැමිණ සිදුකළ මූලික විමර්ශනවල දී තරුණ මෝස්තර ශිල්පියා ගේ සිරුර ජනෙල් තිර රෙද්දකින් කාමරය අභ්‍යන්තරයේම තිබෙන නාන කාමරයේ දොර ඉහළ කව්ළුවෙ එල්ලෙමින් තිබූ බව දැක තිබූ බව පොලිසිය පැවසීය
අනතුරුව පොලිස් නිලධාරීන් තවදුරටත් පරික්ෂා කිරීමේදී ඔහුගේ කාර්යාලය තුළ ” අත් නොහැර- අත්හැර බලා සිටිමි” මිය ගිය තරුණයා විසින් ලියන ලද පිටු 21කින් සමන්විත පරිගණකගත කල කුඩා පොතෙහි පළවෙනි පිටුවේ “මරණය කියන්නේ මහා අමුතු වචනයක්,නිතර අහන්න අකමැති වචනයක් , නිතර දකින්න වෙන , ඒත් අපි දකින්න අකමැති සිදුවීමක් ,නිතර කියන්න වෙන ඒත් කියන්න අකමැති වචනයක් කිව්වොත් මම වැරදි නෑ කියලා හිතනවා , යනුවෙන් ආරම්භ කර තිබූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය
තවද ඒ අසලම මව හා පියා අමතා ඔයාලා මට ගොඩක් ආදරෙයි බව මම දන්නවා , ඒ වගේම ඔයාල හිතනවටත් වඩා මම ඔයාලට ආදරෙයි , මම නිසා ඔයාලට දුක් විඳින්න දෙන්න බැරි නිසයි අද මේ ජීවිතය ජීවිතය මම අත්හැරියේ,ඒත් මේ ලෝකෙ මම තාම ජීවත් වෙනවා කියලා මතක තියාගෙන සතුටෙන් ඉන්න මගේ අම්මේ තාත්තේ යනුවෙන් හා සමීප ඥාතීන්ට ලියන ලද ලිපි 13 ක් කවරවල බහා අවසන් කැමැත්ත පත්‍ර මෙයයි ! මගේ මරණයත් සමග එක් එක් කවර නම් සඳහන් අය වෙත බාරදෙන්න යනුවෙන් ලියා තිබූ බව පොලිසිය සඳහන් කරයි
තම පුතු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 10 සහ 3 බැගින් ලබාගෙන තිබූ බවත් එම මුදල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් පොලිසිවලට පැමිණිලි කර අනතුරුව ලබා දීම අතපසු වූ හෙයින් තම පුතු රිමාන්ඩ් භාරයට පවා පත් වූ බවත් මාව පොලිසිය හමුවේ ප්‍රකාශ ලබාදී තිබිණි.
ගල්කිස්ස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ
කැස්බෑව පොලිසිය පරීක්ෂණ පවත්වයි