ඩිජිටල් ආර්ථික පරිවර්තනය, තෝරාගැනීමක් නොව අවශ්‍යතාවයක් – ජනපති

ඩිජිටල් ආර්ථිකයට පරිවර්තනය වීම තෝරාගැනීමක් නොව අවශ්‍යතාවයක් වන අතර ඒ සඳහා පළමුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් වැඩි දියුණු කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රටක් ලෙස තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා යම් කාලයක් ගත වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියේ අධ්‍යාපන හා වෙළෙඳපොළ උපායමාර්ග යන ක්ෂේත්‍රවල අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසටයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කර සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ’ සමාරම්භක අවස්ථාව‍ට අද (03) පෙරවරුවේ එක්වෙමින්.

නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව “ඩිජිටල් ආර්ථිකය පණ ගන්වමු” යන තේමාව යටතේ තාක්ෂණ අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) විසින් සංවිධානය කරන ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය’ නොවැම්බර් 05 වනදා දක්වා පැවැත්වෙනවා.

ඩිජිටල්කරණය පාසල් පද්ධතියට ගෙන යාමේදී ගුරුවරුන්ගේ පුහුණුව වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහයෝගීතා ප්‍රයත්නයක අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. එහිදී තාක්ෂණික හා උපාධිධාරී යන මට්ටම් දෙකෙහිම පශ්චාත් පාසල් පුහුණු අවස්ථාවන් ඇති කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ලාභාංශ මත පදනම් වන හෝ ලාභාංශ මත පදනම් නොවන පුහුණු වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී කාර්මික ක්ෂේත්‍රය යම් කාර්යභාරයක් ඉටු කළ යුතු බවයි. එසේම පුහුණු වෘත්තිකයන් සඳහා ඇති ඉල්ලුම සපුරාලීම ඉලක්ක කරමින් ඊට අවශ්‍ය ආයතන පිහිටුවීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

ඩිජිටල් ආර්ථිකයක් තුළින් ඩොලර් බිලියන 16ක වෙළෙඳපොළ ඉලක්කය සපුරා ගැනීමේ වැදගත්කම හඳුනාගෙන වෙළෙඳපොළ විනිවිද යාම සඳහා උපාය මාර්ගයක් සකස් කළ යුතු අතර වෙළෙඳපොළට පිවිසීම සඳහා හොඳින් සිතා බලා ක්‍රියාත්මක කරන සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

ලෝකයේ විශාලතම ජෛවමිතික හැඳුනුම්පත් පද්ධතිය වන ආධාර් (Aadhaar) පද්ධතියේ වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් භූ දර්ශනයට එය ඒකාබද්ධ කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ආධාර් පද්ධතිය ලබාගැනීම ගැනීම වෙනුවෙන් ඉන්දීය රජය සමඟ සිදු කරනු ලබන සාකච්ඡා පිළිබඳ සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ රජය මගින් ප්‍රතිලාභීන් වෙත අරමුදල් ලබාදීමේදී එවැනි පද්ධතියක් පැවතීමේ වැදගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44