ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2025 වසරේ ප්‍රගතිය බලන්න ජනපති ගිහින්

2025 වසරට අදාළව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ සාකච්ඡාවක් ජනාධිපති, ඩිජිටල් ආර්ථික අමාත්‍ය අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත් වුණා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ GovTech (Pvt) Ltd යන ආයතනවලට අයත් ඩිජිටල් සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිරි වැඩපිළිවෙළ පරීක්ෂා කිරීම, ක්‍රියාත්මක වීම ප්‍රමාද වීමට හේතු වන බාධක හඳුනා ගැනීම මෙන්ම, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ පරිපාලන තීරණ ගැනීම අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡාව පවත්වනු ලැබුවා.

ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේ, 2026 වසර සඳහා යෝජිත අයවැය ප්‍රකාශයේ කේන්ද්‍රීය සාධකය වූ ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් කෙරෙන රජයේ ආයෝජන සඳහා ශක්තිමත් පදනමක් ස්ථාපිත කිරීම අවශ්‍ය බවයි.

තවද, දිවයින පුරා පිහිටි දුරකථන කුලුනු සහ අනෙකුත් ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පෞද්ගලික ආයෝජකයින් සහ වෙළඳපොළ හසුරුවන්නන්හට වඩාත් හිතකර පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

“ගමට සන්නිවේදනය” ව්‍යාපෘතිය වේගවත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කරමින්, එම ව්‍යාපෘතිය යටතේ වසර තුනක කාලයක් තුළ කුලුනු 500ක් ස්ථාපිත කිරීමේ ඉලක්කය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

එමෙන්ම, ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙළෙහි මේ වනවිට පවතින ප්‍රමාදය කඩිනම්ව යළි යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මෙහිදී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්හට ජනපතිවරයා උපදෙස් ලබා දුන්නා.

තවද, ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් (SLUDI) ව්‍යාපෘතිය වේගවත් කිරීම, අමාත්‍යාංශයේ පරිපාලන සහ මෙහෙයුම් ව්‍යුහ ශක්තිමත් කිරීම, නව ඩිජිටල් ආර්ථික අධිකාරිය පිහිටුවීම සහ ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය මානව සම්පත ගොඩනැඟීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39