ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරු බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ, අදාළ සැකකරු අද (03) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරිය සැකකරුව 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත් දකුණ විමර්ශන කොට්ඨාසය වෙත අවසර ලබා දී තිබෙනවා.

එමෙන්ම මෙම අපරාධයේ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරියේ දී ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

කොළඹ, කුරුඳුවත්ත ප්‍රදේශයේ දී අදාළ සැකකරු ඊයේ (02) බස්නාහිර පළාත් දකුණ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු, ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා ඝාතනය කිරීමේ සිද්ධියේ ද සැකකරුවෙක් බවයි පොලිසිය සදහන් කළේ.

52 හැවිරිදි බන්දුල පියල් නැමැති අදාළ පුද්ගලයා වෑබඩ, වෑබඩ උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඩෑන් ප්‍රියසාද් කොළොන්නාව, සාලමුල්ල මහල් නිවාස සංකීර්ණයේ දී පසුගිය අප්‍රේල් 22 වනදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිය රකුසා නිසා දින 5ක කාලයකදී 20 දෙනෙකුගේ දිවි අහිමි වෙලා..දැදුරු ඔයේ ඛේදවාචකය ගැන හෙළිදරව්වක්
02:24
Video thumbnail
බොරතෙල් ගැන චන්න ජයසුමනගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ඉන්ධන මිල තවත් ඉහළ යයිද ?
03:04
Video thumbnail
සීල් කරපු ගල් අඟුරු සමාගමේ සභාපති සීල් කඩලද රබර් සීල් එක තිබ්බේ..ජනාධිපති බේරගන්න යන්නේ මොකෙන්ද මේ ?
02:12
Video thumbnail
චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ආ අයුරු..කොහොමද ගැම්මට බැහැලා යන හැටි
03:23
Video thumbnail
දැදුරු ඔයේ දිය නෑමට ගිය දෙදෙනෙකුට දිවි අහිමි වෙයි - තවත් හයදෙනෙකු අතුරුදහන්
00:43
Video thumbnail
"අනේ මට ඉවසන්න බෑ අම්මා..අනේ අම්මේ"දුම්රියට ගැ#නු පුද්ගලයා වේදනාවෙන් කෑගහයි
02:40
Video thumbnail
මිනිස්සු මර්දනය කරන්න එපා..පව් පව්..හිටපු පා.ම.චන්දන කත්‍රිආරච්චි රැගෙන යෑමේදී උණුසුම් තත්ත්වයක්
06:27
Video thumbnail
ගිනිකෙළිවලින් වන අනතුරු සැලකියයුතු මට්ටමින් අඩුවෙලා..ඒත් රිය අනතුරු අඩුවෙලා නෑ
03:31
Video thumbnail
රෝහලට ආ රෝගියෙක් වෛද්‍යවරියකට කළ කැත වැඩේ GMOA එක හෙළිකරයි
07:05
Video thumbnail
ඇඹිලිපිටිය වැවක දියේ ගිලී දෙන්නෙකුට ජීවිතය අහිමිවෙයි
01:10