ටියුෂන් පන්ති අරඹන දිනය දැනුම්දෙයි

ලබන නොවැම්බර් 01වැනිදා සිට උපකාරක පන්ති පැවැත්වීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවසර ලබා දී ඇති බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව සෞඛ්‍ය මර්ගෝපදේශයට අනුව ළමුන් සියයට අඩු උපකාරක පන්ති ආරම්භ කෙරන බව එම සංගමයේ ලේකම් කමල් ප්‍රියංකර ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේදී ගුරුවරුන් වැඩ වර්ජන මෙන්ම මාර්ගගත අධ්‍යන කටයුතුවලින් ඉවත් වුවත් තම සංගමය ඇතුළු උපකාරක පන්ති ගුරුවරු අධ්‍යන කටයුතු නොකඩවා සිදු කිරීම නිසා ළමුන්ට ගැටලුවක් නොවන බව ඔහු පවසයි.

පාසල් ළමුන්ට මග හැරුණු විෂය නිර්දේශ අමතර කාලයක් යොදාගෙන ඉගැන්වීමට උපකාරක පන්ති ගුරුවරු සූදානම් වෙති.

මීට අමතරව සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට පෙනී සිටින නවක සිසුන්ට අමතර පැය ගණනක් යොදාගෙන ඉගැන්වීමට නියමිතව ඇත.

උපකාරක පන්ති ගුරුවරු විසින් ආරම්භ කළ මාර්ගගත අධ්‍යන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසට සිසුන්ගේ දෙමවුපියන් ඉල්ලීම් කරන බැවින් එය දිගටම ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ලේකම් කමල් ප්‍රියංකර පැවසීය.

මේ වනවිට දිවයින පුරා උපකාරක පන්ති ගුරුවරු ලක්ෂයකට ආසන්න පිරිසක් සක්‍රියව සිටින බව එම සංගමය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
73
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල දැක්ක මිනිස්සුන්ට උදෙන්ම රතු කට්ට පනී
03:46
Video thumbnail
අනතුරකට ලක් වූ යුවළකට පිහිටක් වූ පාඨලී
03:15
Video thumbnail
වැල්ලවාය පොලිසියෙන් අයිස්ක්‍රීම් දන්සලක්
00:56
Video thumbnail
මාතර විශාලතම තොරණ හිත්තැටියේ රජ මහා විහාරස්ථානයේ
01:54
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින් තවත් අමාරුවේ වැටෙයි
03:55
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42