ටියුෂන් කරන දකුණේ පාසල් ගුරුවරුන්ට තහනමක්

තමන් උගන්වන පාසලේ ළමුන් සඳහා මුදල් අයකර පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම දකුණු පළාත තුළ තහනම් කිරීමට දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා පියවර ගෙන තිබෙනවා.

දකුණු පළාතේ පාසල්වල ඇතැම් ගුරුවරුන් තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සඳහා පාසල් වේලාව තුළ, පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත නිවාඩු දිනවල රජයේ නිවාඩු දිනවල විවිධ බාහිර ස්ථානවල මුදල් අයකර අමතර පන්ති පවත්වන බවත්, එම පන්තිවලට සහභාගී නොවන සිසුන්ට විවිධ බලපෑම් සිදුකරන බවත්, අවස්ථා කිහිපයක දී වාර්තාවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ, අනුව සිසුන්ගේ පාසල් පැමිණීම ඉහළ නැංවීම සහ පාසල් කාලය තුළ දී ගුරු භවතුන් විසින් මුදල් අයකරමින් පෞද්ගලික පන්තිවල ඉගැන්වීම වැලැක්වීම සම්බන්ධ අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ 2006/45 ට අතිරේකව දකුණු පළාතේ පාසල්වල ගුරුවරු තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සඳහා පාසල් වේලාව තුල, හා පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත නිවාඩු දිනවල හා රජයේ නිවාඩු දිනවල විවිධ බාහිර ස්ථානවල මුදල් අය කර අමතර පන්ති පැවැක්වීම මෙම චක්‍රලේඛය මගින් තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

දකුණු පළාතේ මෙම ප්‍රතිපත්තිමය තීරණය සම්බන්ධයෙන් ඔබ කලාපයේ කොට්ඨාපයේ පාසලේ සියලුම ගුරුවරුන් දැනුවත් කළ යුතු අතර, සියලු ගුරුවරු මේ පිළිබඳව දැනුවත් වූ බවට සහතිකයක් ලබාගත යුතු වනවා.

එ, අනුව 2024.03.06 දින සිට මෙම නියෝගය ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම උපදෙස් නොසලකා කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමට සිදුවන බවට අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම මෙම උපදෙස් නොසලකා කටයුතු කරන ගුරුවරුන් පිළිබඳව වාර්තාවන අවස්ථාවල දී විදුහල්පතිවරුන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර නිසි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51