spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජෝ බයිඩන් බදාදා ඊශ්‍රායලයට – 250 දෙනෙක් හමාස් ග්‍රහණයේ

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බදාදා ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බව තොරතුරු වාර්තා වනවා.

හමාස් සටන්කාමීන්ට එරෙහි යුද සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම බයිඩන්ගේ මෙම හදිසි සංචාරයේ අරමුණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

හමාස් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඊශ්‍රායලයට අයිතිය සහ යුතුකමක් ඇති බව ජෝ බයිඩන් ජනාධිපතිවරයා අවධාරණය කරනු ඇතැයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසනවා.

මේ අතර ගාසා තීරයට ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 2,800කට වැඩි පිරිසක් මිය ගිය බව පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය වන WAFA වාර්තා කරනවා.

හමාස් සටන්කාමීන්ගේ ‘ක්වසාම්’ බලඇණිය පවසන්නේ ඔවුන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායලයෙන් අල්ලා ගත් 250ක පිරිසක් සිටින බවයි.

සුදුසු වාතාවරණයක් උදා වූ සැණින්, තම ග්‍රහණයේ පසුවන එම පිරිස මුදාහැරීමට පියවර ගන්නා බව ද ‘ක්වසාම්’ බලඇණිය වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඊශ්‍රායලය හමුදා ගාසා තීරයේ දේශසීමා ආසන්නේ මේ වනවිටත් කඳවුරු ලා සිටින අතර,ගොඩබිම් ආක්‍රමණය සඳහා නියෝගය ලැබෙන තෙක් ඔවුන් මෙලෙස දේශසීමා ආසන්නේ රැඳී සිටිනවා.

චීනයේ ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) සටන් විරාමයක් ඉල්ලා ඇති අතර, ඊශ්‍රායලයේ සහ පලස්තීන ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස චීන රජය දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?