‘ජිම් ෆෝ ලයිෆ්ස්’ ජිම්නාස්ටික් තරගාවලියේ වැඩි ගෞරව කොළඹ මිත්‍රත්ව ක්‍රීඩා සමාජයට

ජාතික ජිම්නාස්ටික් සංගමය මඟින් දෙවන වරටත් සංවිධානය කළ ‘ජිම් ෆෝ ලයිෆ්ස්’ තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා ජය සංකේත ප්‍රදානය පසුගිය දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන්.

මෙවර ‘ජිම් ෆෝ ලයිෆ්ස්’ තරගාවලියට පිරිමි, කාන්තා සහ මිශ්‍රයන කාණ්ඩ තුනක් යටතේ පැවති අතර, කණ්ඩායම් 56ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,580ක් පමණ එක්ව සිටියා.

ඒ, අනුව මෙවර තරගාවලියේ සමස්ථ පිරිමි ශූරතාව කොළඹ මිත්‍රත්ව ක්‍රීඩා සමාජය හිමිකර ගත් අතර, දෙවන ස්ථානය ඉසිපතන විද්‍යාලීය කණ්ඩායම හිමිකර ගනු ලැබුවා.

එහි තෙවැනි ස්ථානය දිනාගත්තේ අශෝක විද්‍යාලීය කණ්ඩායමයි.

කාන්තා ශූරතාව හිම්කරගනු ලැබුවේ කඩවත මහමයා බාලිකා විද්‍යාලයයි.

තරගාවලියේ මිශ්‍ර අංශයේ ශූරතාව පොළොන්නරුව දිස්ත්‍රික් සංගමය විසින් දිනාගනු ලැබුවා.

එමෙන්ම සමස්ථ පිරිමි ශූරතාවය සහ සමස්ථ තරගාවලියේ වැඩිම ලකුණු හිමි සමස්ථ ශූරතාවය කොළඹ මිත්‍රත්ව ක්‍රීඩා සමාජය විසින් දිනාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41