දිවයින පුරා ඊයේ (16) දින සිදුකරන ලද මෙහෙයුම්වල දී බස් රථවල කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට අමතරව බස් රථවල ගැටකපන්නන් 21 දෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.
පොදු ප්‍රවාහන සේවාවල දී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම මෙහෙයුම් පසුගිය දා ආරම්භ කළා.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ දිවයින පුරා තවදුරටත් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
7
+1
1
+1
3
+1
+1
1