ජාතික ජන බලවේගයට එරෙහි මෝසම කල්යයි

ජාතික ජන බලවේගය දේශපාල පක්‍ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිසම ගනු ලැබූ තීරණය අහෝසි කර නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කර තිබෙන මෝසම සහ ඊට අදාළ පෙත්සම නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බව මැතිවරණ කොමිසම අද (04) දින ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන්නා.

නාගානන්ද කොඩිත්තුවක්කු ලේකම්වරයා වශයෙන් කටයුතු කරන විනිවිද පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිසම විසින් ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව මෙම මෝසම ගොනුකර තිබෙනවා.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ශිරන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී මෝසම ඉදිරිපත් කර තිබූ නාගානන්ද කොඩිතුවක්කු අද අධිකරණයේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥ සුනිල් කුරේ යන අය පෙනී සිටියා.

එම අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය ඉදිරිපත් කළ නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය ඉකුත් 29 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කර තිබෙන බව පෙන්වා දුන්නා.

එසේම ඔහුට මහජන සුභසාධන නඩුකරවලට ඉදිරිපත්වීම ද එම නඩු තීන්දුව තුළින් තහනම් කර ඇතැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙම මෝසමේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් වග උත්තරකරුවන් වශයෙන් නම් කර නොමැති බවත් පෙන්වා දුන්නා.

ඒ අනුව, අදාළ මෝසම සහ පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්රවරයා පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් අදාළ මෝසම සලකා බැලීම සඳහා ලබන ඔක්තෝබර් මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

එම මෝසම තුළින් නාගානන්ද කොඩිතුවක්කු කියා සිටින්නේ, ජනතා විමුක්ති පෙරමුණේ කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103(2)වගන්තිය ප්‍රකාරව එකම පක්ෂයක විවිධ ශාඛා වෙන් වෙන්ව දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කිරීම මැතිවරණ නීති රීතීන්ට පටහැනි බවත් ඒ තුළින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන අයිතිය උල්ලංඝනය වන අතර එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් අදාළ මෝසමේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බවට කරුණු දැක්වීම සඳහා අවසර ලබා දෙන ලෙසත් නාගානන්ද කොඩිතුවක්කු එම මෝසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50