ජපන් විදේශ ඇමති සහ සජිත් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ජපාන විදේශ අමාත්‍ය හයෂින් යෝෂිමාසා මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් සිදුව තිබෙනවා.

අද (29) පස්වරුවේ කොළඹ දී පැවති මෙම හමුවේදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින මිත්‍රශීලි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිළිබඳ අවධානය යොමුවූ බවයි වාර්තා වන්නේ.

(JAICA) සහ (JBIC) ණය ආධාර ක්‍රම යටතේ ශ්‍රී ලංකාවට ජපානය විසින් ලබා දී ඇති උදව් උපකාර පිළිබඳව මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ජාතික රූපවාහිනී සංස්ථාව ඇතුළු ජපානයෙන් මෙරටට ලැබුණු වටිනා ජාතික සම්පත් සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා ජපානයට සිය කෘතඤතාවය පිරිනමනු ලැබුවා.

එමෙන්ම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) නතර කිරීම හේතුවෙන් සිදුවූ මතභේදාත්මක තත්ත්වය පිළිබඳ කණගාටුව පළ කළ විපක්ෂ නායකවරයා සිය රජයක් යටතේ එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට ජපානය සමඟ අතවැල් බැඳ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි අවධාරණය කළේ.

මෙම හමුවේදී ජපානයේ අධ්‍යාපන ව්‍යුහයේ ධනාත්මක ප්‍රවේශය ද විපක්ෂ නායකවරයාගේ ඇගයීමට ලක්වුණා.

ඔහු ජපන් විදේශ අමාත්‍යවරයා හමුවේ කියාසිටියේ ජපන් ජනතාවගේ විනය, කැපවීම, කඩිසර භාවය හා අවංකකම තමා මහත් ඉහළින් අගය කරන අතර එවැනි ගුණාංග වලින් ශ්‍රී ලාංකේය ජාතිය සන්නද්ධ කිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක වෙනස්කම් සිදුකිරීම කෙරෙහි ද සිය රජයක් යටතේ අවධානය යොමු කරන බවයි.

මේ වන විට, රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 1.4%ක සුළු ප්‍රමාණයකට පමණක් දායකත්වය දක්වන ධීවර කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය වන ජපන් තාක්ෂණය ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලීමක් කර තිබෙනවා.

EEZ විශේෂ ආර්ථික කලාපයේ පිහිටා ඇති නාවික සැතපුම් 200ක වපසරියක් පුරා දිවයින වටා පැතිර ඇති මුහුදු සම්පත නිසියාකාරයෙන් රටේ ආර්ථිකයට දායක කර ගැනීමට තමන්ට ඇති දැක්ම හා අවශ්‍යතාවය විපක්ෂ නායකවරයා පෙන්වා දෙනු ලැබුවා.

එසේම තොරතුරු තාක්ෂණ (IT) විප්ලවය නගරයට පමණක් සීමා වී ඇති බැවින් ගමේ දරුවන්ට තවමත් එම තාක්ෂණයට උරුමයක් නොමැති බව පෙන්වා දුන් ඔහු, ජපන් විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ගමේ දක්ෂ දරැවන්ටත් තාක්ෂණ ලෝකයේ ඉදිරියට යාමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සලසා දීමට ආධාර කරන ලෙසටයි.

තවදුරටත් ජපන් විදේශ අමාත්‍යවරයා හමුවේ විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීම සඳහා දිය හැකි සියලුම සහය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ලබා දෙන ලෙස ඉල්ලූ විපක්ෂ නායකවරයා, එම ආධාරවල භාවිතය හා ඵලදායීතාවය අධීක්ෂණය කිරීමට දායක වන ලෙසට ද ජපන් රජයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06