ජන හදවත්වලට තවත් සමීප වෙමින් සුප්‍රිම් ටීවී සහ ‘දසත නිවුස්’ අද සිට TNL ගුවන් කාලය හරහා නැරඹීමේ අවස්ථාව

නවමු අත්දැකීම් ඔබ වෙත ගෙන ඒමේ අරමුණ ඇතිව නව ගමනක් අරඹමින් සුප්‍රිම් ටීවී නාලිකාව අද (22) සිට TNL නාළිකාව සමග අත්වැල් බැඳගත්තා.

ඒ, TNL නාළිකාව සතු ගුවන් කාලය ලබාගනිමින්.

ඒ අනුව සමබර ප්‍රවෘත්ති වාර්තාකරණයේ අසමසම සන්නාමය ‘දසත නිවුස්’ ප්‍රේක්ෂක ඔබට තවදුරටත් සමීප වනවා.

අද සිට සුප්‍රිම් ටීවී හරහා විකාශය වන සියලු වැඩසටහන් TNL ගුවන් කාලය හරහා ඔබට නැරඹිය හැකි වනවා.

ඩයලොග් ටීවී නාලිකා අංක 12 සහ 20, ෆ්‍රීසැට් ටීවී නාලිකා අංක 07 සහ 17 සහ පියෝ ටීවී නාලිකා අංක 13 සහ 16 හරහා දැන් ඔබේ ආලින්දයට අප තවත් සමීප වෙනවා.

මෙම නව පියවරත් සමඟ ‘දසත නිවුස්’ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් සහ දවසේ පුවත්පත්වල තොරතුරු උදෑසනම ඔබ වෙත ගෙන එන ‘දසත පිටුවෙන් පිටුව’ වැඩසටහන ද ටී.එන්.එල් රූපවාහිනී නාළිකාව ඔස්සේ සජීවීව නැරඹීමට ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ජනතාවට අවස්ථාව හිමිවනවා.

ඒ, අනුව සතියේ සෑම දිනකම උදෑසන 6.25ට ‘දසත පිටුවෙන් පිටුව’ වැඩසටහන, දහවල් 11.25 ‘දසත’ ප්‍රවෘත්ති විකාශය සහ සවස 6.25 ‘දසත’ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ටී.එන්.එල් රූපවාහිනී නාළිකාව ඔස්සේ ද නැරඹීමේ හැකියාව පවතිනවා.

සුප්‍රීම් ටීවී නාළිකාව හා එක්ව ආරම්භ කළ දසත ‘දසත පිටුවෙන් පිටුව’ වැඩසටහන සහ ‘දසත නිවුස්’ ප්‍රවෘත්ති විකාශයන් ඉතා කෙටි කාලයක් තුළ මෙරට ප්‍රේක්ෂකයින් අතර ජනාදරයට පත් වුණේ සමබර ප්‍රවෘත්ති වාර්තාකරණ හේතුවෙන්.

ඒ, අනුව සුප්‍රීම් ටීවී නාළිකාව හා සමගාමීව ටී.එන්.එල් රූපවාහිනී නාළිකාව ඔස්සේ ද, අද (22) දිනයේ සිට සමබර ප්‍රවෘත්ති වාර්තාකරණ අසමසම සන්නාමය ‘දසත නිවුස්’ ප්‍රේක්ෂක ඔබට සමීපවීමට හැකියාව ලැබීම ගැන දැනුම් දෙන්නේ ඉතා සතුටින්.

මේ අතර අද (22) සිට ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලුම තරග ද ප්‍රේක්ෂක ඔබට සුප්‍රිම් ටීවී ඔස්සේ නැරඹීමේ හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12
Video thumbnail
හිටපු රජ්ජුරුවන්ගේ පුතා ගල උඩ කුමාරයා කලබලවෙලා දේශනා තියනවා - සිස්ටම් එක මෙයාලට දිරවන්නේ නෑ
02:08
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් ගිනි අවි සමඟ කොටුවෙයි
03:04
Video thumbnail
අනුරාධපුරයේ රැස්වීමට ආණ්ඩුව බයවෙලා..රාජපක්ෂලා බය කරන්න අල්ලස් කොමිසම පෙන්නලා බෑ
02:07
Video thumbnail
පොහොට්ටුවේ සංජීව, නාමල් ගැන කිව්ව දේ - "2015 ඉදලා මේ පීඩාවන්ට එතුමා මුහුණ දුන්නා"
01:40
Video thumbnail
නාමල් යද්දි පැලවත්තට කිව්ව සැර කතාව - "පැහැදිලිවම මම වැරැද්දක් කරලා නෑ..සාක්ෂි හදපු කෙනා දන්නවා"
03:18
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - එළියට එනවනේ ?"එව්වොත් එළියට එනවා..අපි නීතියට වැඩ"
02:44