spot_imgspot_img

චැනල් 4 නාලිකාවේ අසත්‍ය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා – ආරක්ෂක අමාත්‍යාංශය

චැනල් 4 නාලිකාව හරහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයන් අලලා සැකසුනු වීඩියෝව හරහා එල්ල කරන ලද අසත්‍ය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා.

චැනල් 4 නාලිකාව විසින් ප්‍රසිද්ධ කර ඇති ද්වේෂසහගත සහ තහවුරු නොකළ ආඛ්‍යානයක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් එම නාලිකාව වෙත සිය බලවත් අප්‍රසාදය පළ කරන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මේ අතර සත්‍යය, යුක්තිය සහ ජාතියේ යහපැවැත්ම සඳහා රජයේ නොසැලෙන කැපවීම නැවත අවධාරණය කරන බව ද ආරක්ෂක අමාත්‍යාංශය මෙම නිවේදනය මඟින් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය, ඕනෑම පුද්ගලයකුගේ හෝ ආයතනයක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බව ද එම නිවේදනයේ සඳහන්.

ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්.

02
03
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?