Saturday, January 11, 2025
Empty Ad
AFC Banner
AFC Banner

චතුරිකා සිරිසේනගේ ආරක්ෂක නිලධාරියාට එරෙහිව එල්ල වුණු මූල්‍ය චෝදනාව

විදේශ රටවලින් ආනයනය කිරීමෙන් අනතුරුව කොළඹ වරායේ රඳවා ඇති නිෂ්කාශනය නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් ලබාදීමට හැකි බව පවසා වැලිමඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු රවටා ඔහු සතු රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වංචාසහගතව ලබාගත් සිද්ධිය පිටුපස සිටින්නේ තම සේවාදායකයා නොව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියගේ ආරක්ෂක නිලධාරියකු බව එම සිද්ධියේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ ප්‍රකාශ කළා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයකු වන ගුණසිරිලාල් නමැති සැකකරුවෙකු සම්බන්ධව නඩුවක් අද අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ දී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිස්ක සමරනායක මහතා අධිකරණයට මේ බව දැනුම්දුන්නා.

තම සේවාදායකයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ නඩු පවරා ඇතත් සැබවින්ම මෙම සිද්ධිය පිටුපස සිටින්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියගේ ආරක්ෂක නිලධාරියකු නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්ව ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දැන්වූවා.

මෙම සිද්ධියේ සැකකරු තම සේවාදායකයා වන ගුණසිරිලාල් නමැත්තා එම ආරක්ෂක නිලධාරියාගේ හිතවතෙකු බවත් කොළඹ වරායේ තිබෙන නිෂ්කාශනය නොකළ වාහන අටක් පිළිබඳ ව ඡායාරූප සමග තොරතුරු තම සේවාදායකයාට ලබා දී ඇත්තේ එම ආරක්ෂක නිලධාරියා බව ද නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවා.

එම ආරක්ෂක නිලධාරියා විසින් ලබා දුන් ඡායාරූප අටක් තම සේවාදායකයා දන්නා හඳුනන වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර සම්සුදීන් නමැති අයට යවා ඇති බව ද ඒ අනුව පැමිණිලිකරු විසින් එම වාහනයක් ගැනීම සඳහා සැකකරුවන් කීප දෙනෙකුගේ ගිණුම්වලට රුපියල් 2,7660000 ක මුදල් බැර කර ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දැන්වූවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව ද පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හා පැමිණිල්ල මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
26
+1
2
+1
0
+1
8
+1
4
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තලතා අතුකෝරල ආපු නිසා අපේ පක්ෂයේ පිබිදිමක් ඇතිවෙයි
11:05
Video thumbnail
චීන පෝට්සිටියේ හදන වරායට ඇමති විජිතගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තියයි
10:59
Video thumbnail
අපිලගේ සාදු ෆයර් වෙයි - ළඟදිම රාජ්‍ය සේවකයන්ටත් කෙළිනවා
04:04
Video thumbnail
ගමක් එක්ක හැප්පුණු තනි පවුලක් - ගමට යන පාර වහලා ගම්මුන්ට තදවෙයි
07:53
Video thumbnail
බෙහෙත් පෙත්ත බිව්වේ නෑ කියලා - දියතලාවේ 'සිසිර' මේල් නර්ස් පොඩි කොල්ලෙකුට හොඳටම නෙලලා
06:08
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම වෛද්‍ය නජිත් ඉන්දික සහ ශ්‍රිලපොපෙ පා.ම ඩී.වී චානක සහභාගීවන කස්තිරම
01:33:21
Video thumbnail
පානදුර නිවාස සංකීර්ණයට STF එකෙන් පැනලා - හොඳ Clean එකක් දෙනවා
03:18
Video thumbnail
අර්චුනා මහා පාරේ යකා නටපු Video එකක් ලීක් වෙයි
03:14
Video thumbnail
පළාත් පාලනයේදිවත් හොඳ තීරණයක් ගන්න
02:15
Video thumbnail
ශවේන්ද්‍ර සිල්වාගේ පැටිකිරයම එළියට - මෙන්න පාවිච්චි කරන සුපිරි වාහන
04:49

?