Empty Ad
AFC Banner
Empty Ad

ගිනිඅවි සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට

මාතර පොලිස් වසමේ පාලටුව ප්‍රදේශයේ දී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර නීතිවිරෝධී ලෙස රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි නිපදවනු ලබන ස්ථානයන් වටලා මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 05ක්, වෙල්ඩින් ප්ලාන්ට් 01ක් සහ තවත් උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 63 හැවිරිදි පාලටුව – මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී මෙලෙස නිපද වූ ගිනිඅවි දෙකක් මුදලට අලෙවි කර ඇති බවට හෙළි ව තිබෙනවා.

ඒවා මුදලට ගත් සැකකරුවන් දෙදෙනාව ද මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශයේ නිලධාරීන් සිය අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරුවන් අවුරුදු 47-54 යන වයස්වල පසුවන අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙදා පොටේ ගම්පහ බලයත් සජබය අල්ලයිද ?
Video thumbnail
පොලිසිය ෆේස්බුක් පාටියක් වටලයි
01:00
Video thumbnail
පොලිසිය ෆේස්බුක් පාටියක් වටලයි
03:19
Video thumbnail
තෙල් නලයක හිලක් අද ඉඳන් රටේ ආපහු තෙල් හිඟයක් ඇතිවෙයිද ?
09:24
Video thumbnail
හිටපු ජනපති මහින්ද ගැන සංවේදී වූ පාක්ෂිකයෝ - මහින්ද මහත්තයා රජෙක් නෙවෙයි දෙවියෙක්
06:40
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දැන් ඔයා පරක්කු වැඩියි - දැන් තමයි විශේෂ ප්‍රකාශ දෙන්නේ
02:10
Video thumbnail
BREAKING NEWS 🔴 බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:31
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:46
Video thumbnail
කුඩු - පෙති විකුණන ප්‍රබල ව්‍යාපාරිකයා දසත ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක් එල්ල කරයි
06:54
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
11:01

?