ගිණි අවියක් සමඟ තුර්කියට යෑමට පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවට

ගිණි අවියක් සහ උණ්ඩ තොගයක් තම ගමන් මල්ලේ සගවා ගෙන තුර්කිය වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු ,තොටුපොළ පොලිසිය මගින් අද 07 දින අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මොහු 59 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර (07) දින අලුයම 05.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයා ගෙන තිබේ .

මොහු අද (07) දින උදෑසන 08.15 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත යාමට තුර්කි ගුවන් සේවයේ ටී.කේ. 731 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා පැමිණ තිබුණි.

ගිනි අවි හෝ ඊට සමාන හැඩහුරුකම් ඇති දෑ හෝ ගිනි අවි වල අනුරූ ගුවන් මගින් ගෙන යාම සපුරා තහනම් වන අතර , එසේ විශේෂ අවශ්‍යතා සදහා රැගෙන යාමට අවශ්‍ය නම් ඒ සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නීත්‍යානුකූල අවසරය ලබා ගත යුතු වනවා.

මෙසේ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති ගිනි අවිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ .

මෙම ගිනි අවිය නීතිවිරෝධී ලෙස රැගෙන යාමට තැත් කළ පුද්ගලයා , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21 විපක්ෂ රැළියට අපිට ආරාධනා කළේ නෑ..මුන්ගේ තියෙන ආඩම්බරකම
02:27
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51


?