ගෑහැනුන්ට තනියෙන් ගෙයින් එළියට යාම තහනම් වෙයි

තලෙයිබාන් පාලනය පෙරළා දමා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා ඇෆ්ගනිස්තානයේ පාලනය බලය අල්ලාගෙන අවුරුදු 20 කට පසු ආපසු තලෙයිබාන් සංවිධානයටම රට භාරදී ඔවුන් මව් රටට ගිය බව කවුරුත් දන්නා පුවතකි. එහෙත්, මෙම යුගය ඇෆ්ගන් ඉතිහාසයේ ආපසු හැරවිය නොහැකි යුගයක් බව පෙනී යන්නේ ඇෆ්ගනිස්තානයේ පසුගිය අවුරුදු 20 ක කාලය තුළදී වූ සමාජ වෙනස පිළිබඳ සලකා බැලීමේදීය.

2000 දශකයේ මුල් භාගයේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් තලෙයිබාන් පාලනය පෙරළා දමන කාලයේ ඇෆ්ගනිස්තානයේ පැවැති තලෙයිබාන් පාලනය අතිශයින් මූලධර්මවාදීය. ස්ත්‍රී අයිතිවාසිකම් තුට්ටු දෙකටම දමා තිබිණ. ස්ත්‍රියගේ සියලු අයිතිවාසිකම් අවුරා තිබූ තලෙයිබාන් පාලනය වෙනුවට ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වූ ආණ්ඩුව යටතේ හැදී වැඩුණු දරුවෝ අද ඇෆ්ගනිස්තානයේ තරුණයෝය, තරුණියෝය. ඔවුහු සිය දිවි ගමනේ සිටින්නේ විසිවැනි සැතපුම් කණුව පසු කරමිනි. සිය යෞවන කාලය මෙතෙක් ඔවුන් ගෙවා දමමින් සිටියේ සීමා මායිම් නැතිවය. සතුටිනි. ඔවුන්ට එසේ වූවාට 2000 ට පෙර ඇෆ්ඝනිස්තානයේ එවැනි සතුටක් විඳින්නට තරුණියන්ට ඉඩක් නොවීය. 1996 වසරේ දී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලා ගැනීමෙන් පසු ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය සම්පූර්ණයෙන් අත්හිටවිණි. ගුරුවරියන්ට නිවෙස්වල නතර වන ලෙස අණ කරන ලදී. නැවතත්, එම යුගය කරා ගමන් නොකරන බව තලෙයිබාන් සංවිධානය පසුගියදා පොරොන්දු වුවද දිනෙන් දිනෙම එරටින් වාර්තා වෙමින් තිබෙන්නේ ස්ත්‍රී අයිතිවාසිකම් කඩ කිරීම්ය. අන්තර් ජාතික ප්‍රජාව සහ ඇමරිකා හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීම සමගින් රටත් ජනතාවත් සන්නද්ධ සටන්කාමී සංවිධානයකට භාර දීම එක්තරා අතකින් මානව වර්ගයාට එරෙහි අපරාධයකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06