ගල්අඟුරු තොගයකට අත්තිකාරම් මුදල් ගෙවයි

නොරොච්චෝලේ බලාගාරයේ හදිසි ගල්අඟුරු අවශ්‍යතා සපුරාලීම සඳහා අත්තිකාරම් මුදල් ගෙවු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

 එහි පළමු නෞකාව සඳහා අත්තිකාරම් මුදල් ගෙවීම (26) සිදුකළ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසනවා.

මෙම සතිය තුළ ගල්අඟුරු සම්පූර්ණ අවශ්‍යතාව සපුරා ගැනීමට අදාළ දීර්ඝ කාලින ටෙන්ඩර් සහ අත්පිට මිලදී ගැනීම්වලට අදාළ ටෙන්ඩර් ප්‍රකාශයට පත්කරන බවද හෙතෙම පවසා ඇත.නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීම සඳහා විවෘත කළ ටෙන්ඩරය අවලංගු වීමත් සමග අද (27) ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවන බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරි නාමල් හේවගේ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබූ අතර අමාත්‍යවරයා අද මෙම ට්විටර් සටහන නිකුත් කර තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?