තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල සූරියආර ප්රදේශයේ සිදු කල වැටලීමකදී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම ගංජා හෙනේ උස අගල් හයත් අගල් දොලහත් අතර උසකින් සරුවට වගා කර තිබූ ගංජා පැල අටදහස් දෙසීයක් පමණ තිබී ඇත.
ගංජා හේන වගා කල සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු එම ප්රදේශයේ ම පදිංචි වයස අවුරුදු 51 පුද්ගලයෙකි.
සැකකරු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.










