කෝටි හතක කන-කර පැළඳගෙන ලංකාවට ආ කාන්තාවන් තිදෙනෙකුට වැඩ වැරදුනු හැටි

ඩුබායි සිට මෙරටට පැමිණි කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 06 දෙනකු රත්රන් කිලෝ 03යි ග්‍රෑම් 158ක් සහ ඇපල් වර්ගයේ අයිෆෝන් 39ක් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවන් දෙදෙනා මේ රත්රන් තොගය ආභාරණ ලෙස සිරුරේ පැලඳගෙන සිට ඇති අතර ජංගම දුරකතන තොගය ඔවුන් ගමන් මලුවල සඟවාගෙන පැමිණ ඇත.

මේ භාණ්ඩවල දැනට පවතින වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 700ක් පමණ වන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

තීරුබදු නොගෙවා රේගු පරීක්ෂාවලින්ද බේරී මොවුන් පැමිණීමේ පර්යන්තයෙන් පිටතට පැමිණෙන විටදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යූ.එල්. 226 අංකය දරන ගුවන්යානයෙන් මොවුන් 06 දෙනා මෙරටට පැමිණ ඇති අතර, සංචාරක වීසා මඟින් ඔවුන් ඩුබායි ගොස් දින කිහිපයක් එහි රැඳී සිට මේ රත්රන් තොගය සහ දුරකතන රැගෙනවිත් ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

කාන්තාවන් දෙදෙනා මීගමුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර, සෙසු සැකකරුවන් අකුරණ පදිංචිකරුවෝය. මේ ජාවාරම මෙහෙවා ඇත්තේ ඔවුන් බව පෙනී ගොස් තිබේ. ඩුබායි බලා යෑමටත් පැමිණීමටත් ගුවන් ටිකට්පත් එරට හෝටල්වල ඉඳුම් හිටුම් සමඟ අතට රුපියල් ලක්ෂයක පමණ මුදලක් මේ එක් ගමන් වාරයකදී සැකකරුන්ට ප්‍රධාන ජාවාරම්කරු විසින් දෙන බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36
Video thumbnail
කුඩා දරුවෙකු හා කතක් රෝහල් ගත කළ බස් රථ අනතුර
00:25
Video thumbnail
ඉරාන් ඇතුළු සෙට් එක වැඩ භාරගන්න පැමිණෙන අයුරු
01:27
Video thumbnail
ඉරාන් හිනාවකුත් දාගෙන ගැම්මට වැඩ භාරගන්න එන හැටි..
02:10
Video thumbnail
ජාතික ජන බලවේගයේ මැයි දින රැළිවලට රට පුරා පිරිස් සැරසෙන අයුරු
01:23
Video thumbnail
බලපත්‍ර කොන්දේසි කැඩු වැලි ලොරි 18ක් පොලිස් බාරයට..පැටවිය හැකි වැලි ප්‍රමාණයට වඩා වැලි පටවලා
03:23