කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක් ජල සැපයුම අත්හිටුවයි

කඳන ජල පවිත්‍රාගාරයේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (04) දිනයේ දී ප්‍රදේශ රැසක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව මොරටුව ප්‍රදේශයේ කොරලවැල්ල, කටුකුරුන්ද, මෝදර, මාදම්භහවන්ත, පොල්වත්ත, ශ්‍රීයා පෙදෙස, ක්ලෝ වියස් මාවත, ගුණවර්ධනරාම පාර, ලේක් වලා, ශාන්ත පීතර පටුමග, පී. එම් ප්‍රනාන්දු මාවත, පහවිදාන මාවත, ජනජය පාර, ශාන්ත පීතර පාර, ෆැරන්සිස්කෝ පෙදෙස, එගොඩඋයන සහ මෙල්විල් වත්ත යන ප්‍රදේශ සඳහා පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැය 5ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එමෙන්ම පානදුර, කිරිබෙරිය, හිරණ, කෙසෙල්වත්ත සහ පින්නවත්ත යන ප්‍රදේශ සඳහා ද පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැය 5ක් ජල සැපයුම අත්හිටුවනවා.

බණ්ඩාරගම, රයිගම, මිල්ලෙණිය, වල්මිල්ල, කිදෙල්පිටිය, අළුබෝපුල්ල සහ මොරොන්තුඩුව යන පරදේශ සඳහා පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක් සහ හොරණ, මදුරාවල සහ පෝරුවදණ්ඩ ප්‍රදේශවල ප.ව. 4.00 සිට රාත්‍රී 9.00 දක්වා ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා .

එමෙන්ම කුඹුක, ගෝනාපොල, කහතුඩුව සහ කිරිවත්තුඩුව යන ප්‍රදේශ සඳහා ප.ව. 4.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 5ක් ද ඉංගිරිය සහ නම්බපාන ප්‍රදේශ සදහාත් ප.ව. 4.00 සිට රාත්‍රී 9.00 දක්වා ජල සැපයුම අත්හිටුවනවා.

පිළියන්දල, වේරහැර, මඩපාත, හොන්නන්තර, කැස්බෑව, පොල්ගස්ඕවිට, කහපොල, මොරටුව පාර කොස්පැලැන්න, ගංගාරාම පාර සහ නීලමහර ප්‍රදේශ සඳහා අද (04) ප.ව. 4.00 සිට අනිද්දා (05) පෙ.ව. 8.00 දක්වා පැය 16ක් ද ජල සැපයුම අත්හිටුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05