කොරෝනා නොතකා යාපනේ කෝවිලක මහා උත්සවයක්.. මහ සෙනගක්

යාපනය වන්නාර් පන්නෙයි ශ්‍රී කාමාච්චි අම්බාල් හින්දු කෝවිලේ පැවති වාර්ෂික තේරු උත්සවය නිරෝධායන නීති උල්ලංඝනය කොට පැවත්වීම හේතුවෙන් කෝවිලේ පාලක සබාවේ සභාපති සහ ලේකම් ඊයේ (27) දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

ශ්‍රී කාමාච්චි අම්බාල් හින්දු කෝවිලේ වාර්සික තේරු උත්සවය පසුගිය 25 වනදා පැවති අතර ඒ සඳහා සහභාගී වූ බොහෝ බැතිමතුන් පිරිසක් මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථ භාවය තබා නොගෙන නිරෝධායන නීති උල්ලංගනය කරමින් දේව මෙහෙයන්ට පැවත්වීම හේතුවෙන් මෙලෙස කෝවිලේ සබාපතිවරයා සහ ලේකම් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම දේව මෙහෙයන් වෙනුවෙන් බැතිමතුන් 50 කට පමණ සීමා කරන ලෙසට දැනුම් දී තිබුනද තේරු උත්සවය වෙනුවෙන් 500 කට අධික පිරිසක සහභාගී වීමත් මේ වන විට යාපනයේ දැඩි කොරෝනා ව්‍යාප්ත වීමේ අවධානමක් පැවතීම හේතුවෙන් ඔවුන් දෙදෙනා වගකීමකින් තොරව කෝවිල් උත්සවය සංවිධානය කොට ඇතැයි යාපනයේ සෞක්‍ය නිලධාරීන් චෝදනා කොට සිටිති.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් කෝවිලේ සභාපතිවරයා සහ ලේකම් වරයා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?