කොන්ඩම් අවසන් වී ශීත ඍතු ඔලිම්පික් උළෙලේ අනපේක්ෂිත අර්බුදයක්

2026 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සංවිධායකින් තරමක් අනපේක්ෂිත අර්බුදයකට මුහුණ පා සිටිනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගම්මානයේ නොමිලේ ලබාදුන් උපත් පාලන කොපු (කොන්ඩම්) ඔලිම්පික් උළෙල ආරම්භ වී දින කිහිපයක පසු අවසන්වීම මීට හේතු වී තිබෙනවා.

මූලික සැපයුම යටතේ ඔලිම්පික් ගම්මානයට උපත් පාලන කොපු 10,000ක් නොමිලේ ලබා දී තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම තොගය අවසන් වීමෙන් පසු උපත් පාලන කොපු සඳහා දැඩි අවශ්‍යතාවයක් මතුව ඇති අතර, ඒවා සපයන බවට සංවිධායකයින් විසින් පොරොන්දු ලබා දී ඇතත්, නිශ්චිත කාලරාමුවක් තවමත් ප්‍රකාශ කර නැහැ.

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීම පිළිබඳව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තරුණයින් දැනුවත් කිරීම සඳහා 1988 සෝල් ඔලිම්පික් උළෙලේ සිට ඔලිම්පික් ගම්මානයට උපත් පාලන කොපු බෙදාදීම සිදු කෙරෙනවා.

2026 මිලාන්-කෝර්ටිනා ශීත ඍතු ඔලිම්පික් උළෙල පසුගිය 06 වනදා ආරම්භ වූ අතර, එය ලබන 22 වනදා දක්වා පැවැත්වෙනවා.

මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,800 කට වැඩි පිරිසක් සහභාගීව සිටිනවා.

  1. ගොඩක් මොල් කාරයො සහබාගි වෙන ඔලින්පික් එකක් වාගෙ..එකා 4 ගානෙ පාවිව්වි කරලා වාගෙ

  2. ජවන හා පිටිය ක්‍රීඩා වලට අමතරව තව ක්‍රීඩාවක් මෙවර ක්‍රීඩා උලෙලට ඇතුලත් කරල ඒසදහා පුහුනු කටයුතු හොදට කරල තියෙන හැඩයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29