පවතින අධික වර්ෂාපතන තත්ත්වය හා වාන් මට්ටම පාලනය කිරීමේ අරමුණින් , කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන් දොරටු තුනක් හරහා තත්පරයට ඝන මීටර් 15000 ක ජල ප්රවාහයක් මහවැලි ගඟේ කොත්මලා ඔයට නිදහස් කර තිබෙනවා.
අද පෙරවරු 11.30ට මෙම ජල කඳ මුදා හැරීම සමග ඉන් පහළ ඇති මාවතර, උලපනේ, ගම්පොළ, ගෙලිඔය, පේරාදෙණිය ආදී ප්රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස ජලාශයේ කාර්යභාර ඉංජිනේරු චතුර අරඹපොළ දන්වා සිටිනවා.
පවතින අධික වර්ෂාව සමග මෙයාකාරයට වරින් වර ජලය මුදා හැරීම සිදුවන බවද ඔහු සඳහන් කරනවා.
දිට්වා සුළි කුණාටුවේදී ජලය පාලනය කර ගැනීමට නොහැකිව හදිසියේ සිදුකළ වාන් දොරටු විවෘත කිරීමක් නිසා ගම්පොළ, ගෙලිඔය ,පේරාදෙණිය යන නගර සම්පූර්ණයෙන් ජලයෙන් යටවී මහා විනාශයක්ද සිදුවු අතර එවැනි තත්ත්වයක් පාලනය කර ගැනීම සඳහා මෙම හදිසි පියවර ගත් බවද ඉංජිනේරුවරයා ප්රකාශ කරනවා.
වර්ග කිලෝමීටර 544 ජල පෝෂිත ප්රදේශයකින් සමන්විත කොත්මලේ ජලාශය තුළ ඝන මීටර් මිලියන 170,898 ක ජල ධාරිතාවක් තිබෙනවා.










