ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්රශ්න කරනු ලැබු කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ ලබන 17 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (03) නියෝග කළා .
අදාල නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධියට අදාළ සැකකරු බුස්ස බන්ධනාගාරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු වන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකරු සම්බන්ධයෙන් වෙනත් අධිකරණවල තිබෙන නඩු එම අධිකරණවලට යොමු කරන ලෙසත්
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තිබෙන නඩුව සහ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුව පමණක් මෙම අධිකරණයට යොමු කරන බවයි මහේස්ත්රාත්වරයා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.













