spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුර්කුරේ පැකට්ටුවක් නිසා බිරිඳ සැමියාගෙන් දික්කසාදෙ ඉල්ලලා

ඉන්දියාව තුළ ජනප්‍රිය පැකට් කළ කෙටි ආහාරයක් වන කුර්කුරේ පැකට්ටුවක් ලබානොදීම හේතුවෙන් සිය සැමියාගෙන් දික්කසාදය ඉල්ලා සිටි කාන්තාවක් පිළිබඳ පුවතක් වාර්තා වනවා.

මෙම යුවළ පසුගිය වසරේ විවාහ දිවියට පිවිස ඇති අතර, තම බිරිඳට කුර්කුරේ සඳහා තිබූ අසාමාන්‍ය රුචිකත්වය සම්බන්ධයෙන් සැමියා කනස්සල්ලට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පසුගිය දිනක බිරිඳ විසින් කුර්කුරේ පැකට්ටුවක් සැමියාගෙන් ඉල්ලා ඇති අතර, එය ලබා නොදීමට සැමියා කටයුතු කිරීමත් සමඟ කෝපයට පත්ව ඇය දෙමාපියන්ගේ නිවසට ගොස් තිබෙනවා.

පසුව ඇය සිය සැමියාගෙන් දික්කසාදවීමට අවශ්‍ය බව පවසා පොලිසියට ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අනතුරුව පොලිසිය විසින් ඔවුන් දෙදෙනාව උපදේශන සේවාවකට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
36
+1
3
+1
2
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?