කුඹුර රැකීමට ගිය සිව්දරු පියා නො එන ගමන් ගිහිං

වනඅලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (04) අලුයම් කාලයේ දී මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ මොරගහකන්ද මහවැලි කලාපයට අයත් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 505, කෝට්ටපිටිය, නිකපිටිය ගම්මානයේ දී බවයි වාර්තා වන්නේ.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මරණකරු කුඹුර ආරක්ෂා කිරීමේ කටයුතු සඳහා පෙර දින (03) රාත්‍රියේ දී ගොස් ඇති අතර එහිදී මෙම වන අලි පහරදීමට ලක් ව ඇති බවයි.

වන අලි පහරදීමෙන් මියගොස් ඇත්තේ 72 හැවිරිදි සිව්දරු පියෙක්.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට පැමිණෙන වනඅලි වසර ගණනාවක් තිස්සේ මෙම ගම්මානවලට මහත් තර්ජනයක් වී ඇති අතර මීට පෙර මෙම ගම්මානයේ ම 08 දෙනෙකුට වැඩි පිරිසක් වනඅලි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු රැඳී සිටි පැළක් වන් අට්ටාලය ද වන අලියා පහර දී කඩා තිබෙනවා.

අංගමැඩිල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට වන අලි තර්ජනය පිළිබඳ ව කොතෙකුත් පැමිණිලි සිදු කළ ද ප්‍රයෝජනයක් නොවූ බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු බකමූණ පොලිසිය මගින් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17