කිවි කතුන්ට එරෙහිව හර්ෂිතාගෙන් නොදැවුණු අර්ධ ශතකයක්

තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අතහැර දැමීමට ශ්‍රී ලංකාවට සහ නවසීලන්ත ක්‍රීඩිකාවන්ට සිදු වුණා.

සත්කාරක නවසීලන්තයට එරෙහිව නෙයිපර් හි දී අද (04) ආරම්භ වූ තරගාවලියේ පළමු ව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 05ක් බිඳ වැටී ලකුණු 147ක් ලබා සිටියා.

ඒ පන්දුවාර 36කුත් පන්දු හතරක් අවසන් කරමින්.

කවදත් පිත්තෙන් හපන්කම් පානා හර්ෂිතා සමරවික්‍රම අද සිය ජාත්‍යන්තර තෙවැනි එක්දින අර්ධ ශතකයට හිමිකම් කිව්වා.

ඒ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන විටත් ඇය පන්දු 96කට ලකුණු 66ක් නොදැවී ලබා ගනිමින්.

ඊට දැවැන්ත හතරේ පහර 07ක් ද එක් වුණා.

විශ්මි ගුණරත්න ලකුණු 30 යි.

කඩුලු බිඳ දැමීමේ දී බ්‍රී ඉලින්ග් කඩුලු 02ක් සහ එක් කඩුල්ල බැගින් ජෙස් කර් සහ සුසී බෙට්ස් විසින් බිඳ දමනු ලැබුවා.

කෙසේවෙතත් ක්‍රීඩාංගණයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තරගය අත් හැර දමන්නටයි සිදු වූයේ.

දෙපාර්ශ්වය අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය නෙල්සන් හි දී මාර්තු 07 වැනිදා ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06