කිරි ලබාදෙන සතුන් නොමිලේ එන්නත් කිරීමේ වැඩසටහනක්

කිරි ලබාදෙන සතුන් නොමිලේ එන්නත් කිරීමේ වැඩසටහනක් අරඹා ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

ඒ අනුව එළහරක්, මීහරක් සහ එළුවන් නොමිලේ එන්නත් කිරීම සිදුකරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කර ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, පශුවෛද්‍ය කාර්යාල හරහා මෙම එන්නත් ගම් මට්ටමට ලබා දී ඇති බවයි පැවසුවේ.

මෙම සතුන්ට වැළඳෙන කුර හා මුඛ රෝග ඇතුළු රෝග කිහිපයක් වෙනුවෙන් මෙම එන්නත් කිරීම සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ අනුව එළහරක්, මීහරක් සහ එළුවන් සිටින ගොවි ජනතාවට අමාත්‍යවරයා දැනුම් දෙන්නේ නොමිලේ ලබාදෙන මෙම එන්නත් එම සතුන්ට ලබාදීමට කටයුතු කරන ලෙසයි.