කැපූ කිතුල් ගසට යට වී මාර්ගයේ ගමන් කළ අයෙක් ජීවිතක්ෂයට

කපන ලද කිතුල් ගසකට යට වී ඊයේ (15) පස්වරුවේ පුද්ගලයෙක් අවසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හඟුරන්කෙත, කැටිල්ලවෙල ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටිය දී මෙම පුද්ගලයාගේ ඇඟ මතට කපල ලද කිතුල් ගසක් වැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ එම පුද්ගලයා රිකිල්ලගස්කඩ මූලික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි වියේ පසු වූ ඉස්කෝලවත්ත, ඇකිරිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගස කපන ලද 45 සහ 53 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා ද ඇකිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

මියගිය පුද්ගලයා මෘත ශරීරය රිකිල්ලගස්කඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22