ජාත්‍යන්තර ක්‍රිකට් කවුල්සිලය විසින් සංවිධානය කරනු ලැබූ කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය හිමිකර ගැනීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (25) සමත් වුණා.
ඒ අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පහසු ජයක් වාර්තා කරමින්.
තරගාවලියේ අවසන් තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායිකා හර්ෂිතා සමරවික්‍රමගේ ආරධනයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි අයර්ලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 03කට මුහුණදෙමින් සියලු දෙනා දැවී රැස්කර ගැනීමට සමත් වුණේ ලකුණු 96ක් පමණයි.
ඒ අනුව, ලකුණු 97ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 04කට පමණක් මුහුණදෙමින් කඩුලු 04ක් දැවී ලකුණු 99ක් රැස්කර ගනිමින් එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.
එම ජයත් සමඟ 2026 කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන තරගාවලියේ ශුරත්වය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාව ලැබුණා.










