ක්‍රීඩා ඇමති, ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් සහ ලේකම්වරු සමඟ විශේෂ සාකච්ඡාවක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිහිටවීමෙන් පසු තේරී පත් වූ සහ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩල සඳහා තේරී පත් වූ සියලුම සභාපතිවරු, ලේකම්වරු සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊයේ (13) දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තරයේ ඇති වැදගත් තොරතුරු රැසක් ගැඹුරින් අධ්‍යනය කිරීමට මෙම සාකච්ඡාවේදී හැකිව තිබෙනවා.

එලෙස සකච්ඡා කළ කරුණු අනාගතයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නැංවීම සඳහා පරිපාලනමය වශයෙන් ගතයුතු තීන්දු තීරණ ගැනීමේදී ද, ගමේ සිට ක්‍රිකට් ක්‍රීඩකයින් ජාතික තලයට ගෙන ඒමේ යාන්ත්‍රණය සකස් කිරීමේදී ද ඉතා වැදගත් වන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

පසුගිය දෙසැම්බර් මස 14 වනදා තමන් විසින් ප්‍රකාශයට පත් කළ ක්‍රීඩා පනතේ සංශෝධන නියෝග සියල්ල එකින් එක මෙහිදී සාකච්ඡාවට ලක් කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එම නියෝග සියල්ල සඳහා ම හිටපු සභාපතිවරුන්ගේ කැමැත්ත ප්‍රකාශ කර සිටි බවත් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?