ක්‍රීඩා ඇමති, ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් සහ ලේකම්වරු සමඟ විශේෂ සාකච්ඡාවක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිහිටවීමෙන් පසු තේරී පත් වූ සහ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩල සඳහා තේරී පත් වූ සියලුම සභාපතිවරු, ලේකම්වරු සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊයේ (13) දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තරයේ ඇති වැදගත් තොරතුරු රැසක් ගැඹුරින් අධ්‍යනය කිරීමට මෙම සාකච්ඡාවේදී හැකිව තිබෙනවා.

එලෙස සකච්ඡා කළ කරුණු අනාගතයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නැංවීම සඳහා පරිපාලනමය වශයෙන් ගතයුතු තීන්දු තීරණ ගැනීමේදී ද, ගමේ සිට ක්‍රිකට් ක්‍රීඩකයින් ජාතික තලයට ගෙන ඒමේ යාන්ත්‍රණය සකස් කිරීමේදී ද ඉතා වැදගත් වන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

පසුගිය දෙසැම්බර් මස 14 වනදා තමන් විසින් ප්‍රකාශයට පත් කළ ක්‍රීඩා පනතේ සංශෝධන නියෝග සියල්ල එකින් එක මෙහිදී සාකච්ඡාවට ලක් කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එම නියෝග සියල්ල සඳහා ම හිටපු සභාපතිවරුන්ගේ කැමැත්ත ප්‍රකාශ කර සිටි බවත් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08