ක්‍රිකට් ආයතනයෙන් මිලියන 75ක් ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු දමයි

තම පත්වීම අසාධාරණ සහ නිසි ක්‍රමවේදයකින් තොරව අවලංගු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ රුපියල් මිලියන 75 ක වන්දියක් අය කරගැනීම සඳහා කොළඹ වාණිජ මහා අධිකරණයේ නඩුවක් ⁣ගොනු කර තිබෙනවා.

එහිදී , ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පෙන්වාදෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව 2025 දෙසැම්බර් 17 වැනි දින ආරම්භ වූ සිය දෙවසරක පත්වීම, ක්‍රිකට් පරිවර්තන කමිටුව (Cricket Transformation/Interim Committee) විසින් කාලයට පෙර අත්තනෝමතික ලෙස අහෝසි කර ඇති බවයි.

පූර්ව දැනුම්දීමකින්, ප්‍රමාණවත් සාධාරණීකරණයකින් හෝ නිසි නෛතික ක්‍රියාපටිපාටියකින් තොරව මෙම තීරණය ගෙන ඇති බවට ඔහු චෝදනා කරනවා.

පවතින කොන්ත්‍රාත් පත්වීමක් ක්ෂණිකව අවසන් කිරීම මගින් අදාළ කමිටුව අතාර්කික ලෙස සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යහපතට පටහැනිව කටයුතු කර ඇති බව ප්‍රමෝදය වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටිනවා.

ගිවිසුම කඩකිරීම, ආදායම් අහිමිවීම සහ සිය වෘත්තීය කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් අදාළ පොලිය සහ නීතිමය ගාස්තු ද සමඟින් රුපියල් මිලියන 75 ක වන්දියක් අය කරදෙන ලෙස ඔහු මෙම නීතිමය ක්‍රියාමාර්ගය හරහා ඉල්ලා සිටිනවා.

වසර දෙකක පත්වීම භාරගැනීමෙන් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සිය කාලය සහ දැනුමය කැපකිරීම සඳහා තමාගේ අනෙකුත් වෘත්තීය කටයුතු සහ ව්‍යාපාරික කටයුතු පසෙක තැබීමට සිදුවූ බව ද ඔහු පවසනවා.

අදාළ නිවේදනයට අනුව, මෙලෙස කාලයට පෙර පත්වීම අහෝසි කිරීම හේතුවෙන් කොන්ත්‍රාත්තුව යටතේ හිමිවිය යුතුව තිබූ වේතනය අහිමි වූ අතර, කැපකරන ලද ව්‍යාපාරික හා වෘත්තීය අවස්ථාවන් හේතුවෙන් අමතර මූල්‍ය පාඩුවලට ද මුහුණ දීමට සිදුව තිබෙනවා.

එමෙන්ම, කමිටුවේ මෙම ක්‍රියාකලාපය නිසා සිය වෘත්තීය තත්ත්වයට, විශ්වසනීයත්වයට සහ කීර්තිනාමයට දැඩි හානියක් සිදුවූ බවද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15