අද (01) දහවල් කළුතර කළුගගේ සිය මිතුරන් දෙදෙනකු සමග දියණෑමට ගොස් සිටිි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව කළුතර දකුණ පොලිසිය ප්රකාශකරනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වාද්දුව ප්රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය කරන, කළුතර උග්ගල්බඩ ප්රදේශයේ පදිංචි තරුණයෙක් බවට තොරතුරු වාර්තාවෙනවා.
ඔහුගේ මිතුරන් දෙදෙනා දිය නෑමට නොගොස් ගොඩබිම සිට ඇති අතර සිය මිතුරා දියේ කිලී නොපෙනී යාමත් සමගම ඔවුන් අසල පිහිටි ශ්රී ලංකා නාවික හමුදාවේ නාවික කඳවුර වෙත ඒ පිළිබඳව දැනුවත් කර ඇත. එසැණින් ක්රියාත්මක වූ නාවික ජීවිත ආරක්ෂණ නිලධාරීන් දෙදෙනෙකු දියේ ගිලෙමින් සිටි තරුණයා ගොඩට ගෙන වහාම කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කරන තිබෙනවා.
කළුතර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාරය ලබමින් සිටි තරුණයා මේ වන විට මිය ගොස් ඇත ි බවට වාර්තාවෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
