කහවත්ත ප්‍රදේශයේ දී තරුණයෙක් දණගස්වා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් 05 දෙනා අද (05) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවා.
ඔවුන් පස්දෙනාම එකවර අධිකරණය හමුවට ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය වනවා.
මේ අතර මෙම සැකකරුවන් තිදෙනෙකු අද (05) හදුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.
සැකකරුවන් අධිකරණය රැගෙන එම හේතුවෙන් අධිකරණය අවට විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබූ බවයි ‘දසත නිවුස්’ කහවත්ත වාර්තාකරු සඳහන් කළේ.
කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ දී පසුගිය ජුනි මස 30 වනදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුව තිබුණා.
ඉමන්ත සුරංජන නම් 22 හැවිරිදි තරුණයා නිවසේ සිටිය දී පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
‘
















