Empty Ad
Empty Ad
AFC Banner

කඩුගන්නාව රෝහලේ බැම්මක් කඩාවැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ බැම්මක් ඉදිකිරීමේ නිරතව සිටි පුද්ගලයෙකුගේ ශරීරය මතට පැරණි බැම්මක් සහිත පස් කන්දක් කඩා වැටීමෙන් අද (06) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පරණපට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 33ක පුද්ගලයෙක්.

කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ පැරණි බැම්ම ඉවත්කර නව බැම්මක් ඉදි කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර තුර මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Capture11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?